Friday, April 26, 2024

General line - 0115112241

ආනයන සීමා ක්‍රමයෙන් ලිහිල් වන ලකුණු




IMF ණය මුදලේ මුල් වාරිකය ශ්‍රී ලංකාවට හිමිවුවද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගා සිටුවීමට රජය විසින් වැඩපිලිවෙලක් සකස් කර නොමැති බවට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් චෝදනා නඟනවා.

බදු සහ ක්ෂේත්‍රයේ පවතින ගැටලු සඳහා විසදුම් ලබාදීමට රජය කටයුතු කළ යුතු බවයි සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති ටානියා අබේසුන්දර පැවසුවේ.

ඇතැම් ක්ෂේත්‍ර සඳහා පනවා ඇති ආනයන සීමා ලිහිල් කළහොත් පවතින ගැටළු තවත් උග්‍රවිය හැකි බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ.

IMF ණය සහනය සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත මෙන්ම අපනයන ආදායම දියුණු කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගණකාධිකරණ අංශයේ හිටපු ප්‍රධානී මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මෙලෙස අදහස් පළ කළා.