Thursday, April 25, 2024

General line - 0115112241

හිල්ටන් හෝටලය විකුණද්දිත් ලාභ ලබනවා - ආණ්ඩුවම පිළිගනියි




කොළඹ හිල්ටන් හෝටලය ප්‍රතිව්‍යුහගත කිරීමට තීරණය කර ඇති මේ මොහොතේත් එය ලාභ ලබමින් ඇති බව නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පවසනවා. ඒ, පාර්ලිමේන්තුවේදී ඊයේ අදහස් දක්වමින්. 

පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමකට ඇතුළත් වූ රටවල් පවා පසුව බංකොලොත් වූ බවයි.

මේ අතර රාජ්‍ය ව්‍යවසායන් 07ක රජය සතු කොටස් අයිතිය පැවරීමට මේවනවිටත් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අතරට කොළඹ හිල්ටන් හෝටලයද අයත්.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඇතුළු ශ්‍රී ලන්කන් කේටරින් සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, කොළඹ - ග්‍රැන්ඩ් හයට් හෙවත් කැන්විල් හෝල්ඩින්ග්ස් සමාගම, ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සහ ලංකා හොස්පිටල් සෙසු රාජ්‍ය ව්‍යවසායන් වනවා.