Friday, March 29, 2024

General line - 0115112241

නවසීලන්ත ඉනිම ලකුණු 274කට සීමාවෙයි




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය නවසීලන්තයේ ඕක්ලන්ඩ්හිදී දැන් පැවැත්වෙනවා. 

තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව, පන්දුවට පහර දීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම මීට නොබෝ වේලාවකට පන්දුවාර 49.3කදී සියලු දෙනා දැවී ලකුණු 274ක් රැස් කර ගැනීමට සමත් වුවා. 

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පන්දු යැවීමේදී චාමික කරුණාරත්න ලකුණු 43 කට කඩුලු 4ක් ද, කසුන් රාජිත සහ ලහිරු කුමාර කඩුලු දෙක බැගින් දවා ගනු ලැබුවා.