Thursday, April 25, 2024

General line - 0115112241

නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් 




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගයෙන් නවසීලන්තය ලකුණු 198ක ජයක් වාර්තා කිරීමට සමත් වුවා. මෙම තරගය ඕක්ලන්ඩ්හිදී පැවැත්වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇරයුමින් පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 274ක් රැස් කළා.

එහිදී පින් ඇලන් ලකුණු 51ක්, රචින් රවීන්ද්‍ර ලකුණු 49ක් සහ ඩැරිල් මිචෙල් ලකුණු 47ක් රැස් කළා. පන්දු යැවීමේදී චාමික කරුණාරත්න කඩුලු 4ක් , කසුන් රාජිත කඩුලු 2ක්, ලහිරු කුමාර කඩුලු 2ක් සහ නායක දසුන් ශානක එක් කඩුල්ලක් දවා ගත්තා. 

ජයග්‍රාහී ලකුණු 275ක් රැස් කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.5ක් අවසානයේදී ලකුණු 76කට සියලු දෙනා දැවී ගියා. 

ඇන්ජලෝ මැතිවුස් ලකුණු 18යි. පැතුම් නිස්සංකට සහ චරිත් අසලංකට රැස් කිරීමට හැකි වුණේ ලකුණු 9ක් පමණයි. නුවනිඳු ප්‍රනාන්දු රැස් කළ ලකුණු සංඛ්‍යාව 4ක්. නායක දසුන් ශානක සහ කුසල් මෙන්ඩිස් කිසිදු ලකුණක් නොලබා දැවී ගියා.