Wednesday, April 24, 2024

General line - 0115112241

ටික්ටොක් සඳහා ප්‍රංශයෙනුත් තහනමක්




චීන සමාගමකට අයත් TikTok ජංගම දුරකතන යෙදවුම සඳහා විරෝධය පළ කරන රටවල් අතරට ප්‍රංශය ද එක්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. ඒ, ප්‍රංශය රාජ්‍ය සේවකයින් සඳහා TikTok යෙදවුම භාවිතය තහනම් කිරීමත් සමගයි.

ඒ අනුව ප්‍රංශය සිය රාජ්‍ය සේවකයින්ගේ රාජකාරී ජංගම දුරකතන සඳහා ඔසනඔදන යෙදවුම භාවිතය තහනම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පරිපාලනයේ සහ සිවිල් සේවකයින්ගේ සයිබර් ආරක්ෂාව සහතික කිරීම සඳහා මෙම පියවර ගත් බව ප්‍රංශ රජය පවසා තිබෙනවා.

මේවනවිට ලොව රටවල් කිහිපයක්ම TikTok යෙදවුම භාවිතය සඳහා තහනම් පනවා තිබෙනවා. ඔවුන් පවසන්නේ අදාළ යෙදවුම හරහා චීන රජය රහස්‍ය තොරතුරු එක් රැස් කරන බවයි.