Thursday, March 28, 2024

General line - 0115112241

පොලිස්පතිට මාස 03ක සේවා දිගුවක් ?




පොලිස්පති සී ඩී වික්‍රමරත්නට මාස 3ක සේවා දිගුවක් ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමු වී තිබෙනවා. ඒ පිළිබඳව තීරණයට එළඹ ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සමඟ ජනාධිපතිවරයා සිදුකළ සාකච්ඡාවකදී බවයි වාර්තා වුණේ.

එම සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේ ඊයේ පස්වරුවේ පැවැත්වුණා. ඊට ජනාධිපති ලේකම් සමන් ඒකනායකද සහභාගී වී තිබෙනවා.

එහිදී අමාත්‍ය ටිරාන් අලස් සහ බස්නාහිර පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ වත්මන් පොලිස්පතිවරයා සමග සහයෝගයෙන් වැඩකටයුතු කරන ලෙසයි.

පොලිස්පති සී ඩී වික්‍රමරත්නගේ නිල සේවා කාලය හෙටින් අවසන් වීමට නියමිතව තිබුණා.