Saturday, April 20, 2024

General line - 0115112241

පකිස්තානය උග්‍ර ජල අර්බුදයක




පකිස්තානය උග්‍ර ජල අර්බුදයකට මුහුණ පාමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම වාර්තා පෙන්වා දෙන්නේ පකිස්තානයේ වෙසෙන මිලියන 30 කට ආසන්න පිරිසකට පිරිසිඳු පානීය ජලය ලබාගැනීමේ අවස්ථාවක් නොමැති බවයි.

එමෙන්ම පකිස්තානයේ ප්‍රධාන නගර 24 ක ජීවත්වන ජනතාවගෙන් සියයට 80 කට පමණ පිරිසිදු ජලය පරිභෝජනය කිරීමට අවස්ථාවක් නොමැති බව ද විදෙස් මාධ්‍ය පවසනවා. එරට කරච්චි නුවර වෙසෙන මිලියන 16 ක් පමණ වන ජනතාවට ගලායන ජලය පරිභෝජනය කිරීමේ අවස්ථාවක් නොමැති බවයි වාර්තා වන්නේ.

පකිස්තානය මුහුණ පා සිටින මෙම උග්‍ර ජල අර්බුදයට ප්‍රධාන හේතුවක් ලෙස සැලකෙන්නේ එරට ජනගහනය වර්ධනය සහ ඊට සාපේක්ෂව ජලය සඳහා ඇති ඉල්ලුම ඉහළ යාමයි. අසාර්ථක පාලන තන්ත්‍රය හමුවේ දීර්ඝ කාලීනව පවතින පැරණි හා දුර්වල යටිතල පහසුකම් මෙන්ම නිසි පරිදි නඩත්තු නොකරන ජල නල පද්ධති හමුවේ පවතින ජල සම්පත අපතේ යන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම ජලය ගබඩා කර ගැනීමට හා රඳවා තබා ගැනීමේ පහසුකම් අඩු මට්ටමක පැවතීම පකිස්තානය තුළ පවතින ජල අර්බුදය දිනෙන් දින උත්සන්න වීමට හේතු වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.