Friday, April 19, 2024

General line - 0115112241

IMF එකගතාවල ඇති ප්‍රධාන කරුණක් ගැන ආණ්ඩුව හෙළි කරයි

නිහාල්සිරි ගම්ලත්




ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය පහසුකම ලබාගැනීමේදී එකඟවූ පරිදි දූෂණ මර්ධනය සඳහා ගත් පියවර වඩාත් ශක්තිමත් කිරීම සඳහා ආසියාවේ ශක්තිමත්ම දූෂණ මර්ධන පනත පාර්ලිමේන්තුවට ගෙන එන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. 

එහිදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ සමාජ සුභසාධනය විනිවිදභාවයෙන් යුතුව ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවයි.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහනය හිමිවීමෙන් පසු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇති වූ විශ්වාසය මත ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 07 ක ණය මුදලක් ලැබීමට නියමිත බවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළා.