Wednesday, April 24, 2024

General line - 0115112241

වෙළඳපලේ බිත්තර හිඟ වුණු හේතුව




බිත්තර සඳහා පනවා ඇති පාලන මිල වෙළදපලේ පවතින බිත්තර හිගයට හේතුව බව සමස්ථ ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා.

නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර පැවසුවේ බිත්තර ආනයනය කිරීමට රජය ගත් තීරණය හේතුවෙන් ව්‍යාපාරිකයින් රැසක් එම කර්මාන්තයෙන් ඉවත්වෙමින් සිටින බවයි. 

පවතින තත්ත්වය හමුවේ බිත්තර කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා ව්‍යාපාරිකයින් දිරිමත් නොකිරීමට තීරණය කළ බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

කෙසේවෙතත් ඇතැම් පාර්ශව චෝදනා කරන්නේ උත්සව සමයේ වැඩි මිලට අළෙවි කිරීම සදහා ඇතැම් බිත්තර නිෂ්පාදකයින් බිත්තර තොග සඟවා ඇති බවයි. 

මේ අතර මෙරටට ආනයනය කරන ලද පළමු බිත්තර තොගය ඉකුත් දා කොළඹ වරායට ළඟා වුණා. මේවනවිට එම බිත්තර තොගය නිදහස් කර ගැනීම සඳහා වන පරීක්ෂණ කටයුතු සිදුවෙමින් පවතින බවයි වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පැවසුවේ.