Thursday, April 25, 2024

General line - 0115112241

අන්තරේ කැඳවුම්කරුට එරෙහි අභියාචනය කැඳවීමට දින නියම කෙරේ




අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනය අප්‍රේල් මස 03 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා.

එම අභියාචනය අද කැදවූ අවස්ථාවේදී මහාධිකරණය රෙජිස්ට්‍රාර්වරයා දැනුම් දුන්නේ මහාධිකරණ විනිසුරුවරයා අද දින නිවාඩු ලබා සිටින හෙයින් අදාළ පෙත්සම සලකා බැලීම සඳහා අප්‍රේල් මස 03 වනදා කැඳවන බවයි.

අද දින පෙත්සම කැඳවූ අවස්ථාවේ දී වගඋත්තරකාර වසන්ත මුදලිගේ ද අධිකරණය හමුවේ පෙනී සිටියා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වසන්ත මුදලිගේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව සදහන් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් නිදහස් කර තිබුණා.

එසේ නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ගත් තීරණය නීතියට පටහැනි යැයි තීන්දු කොට එය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා විසින් මෙම අභියාචනය කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා.