Friday, April 19, 2024

General line - 0115112241

කබඩි සම්මේලනයේ සභාපතිවරයාගේ ගෙවත්තේ තිබී හමුවූ අත්බෝම්බයක් ගැන විමර්ශන ඇරඹේ




ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ සභාපති අනුර ධර්මරත්න පතිරණගේ හෙට්ටිපොල ප්‍රදේශයේ පිහිටි නිවසේ ගෙවත්තේ තිබී අත්බෝම්බයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ, ඔහු විසින් පොලීසියට කළ පැමිණිල්ලකට අනුවයි.

සිය ගෙවත්තේ නතර කර තිබූ මෝටර් රථය පිටුපස අත්බෝම්බයක් ඇති බවට කබඩි සම්මේලනයේ සභාපතිවරයා කළ පැමිණිල්ලකට අනුව පොලීසිය පැමිණ අදාළ ස්ථානය පරීක්‍ෂා කර තිබෙනවා.

එම ස්ථානයේ තිබී සොයාගත් අත්බෝම්බය කිසියම් අයෙකු විසින් එම ස්ථානයට ගෙනවිත් දමා ඇති බවටයි ඔහු පොලීසිය හමුවේ පවසා ඇත්තේ.  

තමන් නැවත වරක් කබඩි සම්මේලනයේ සභාපති ධුරයට ඉදිරිපත්වීමට නියමිත බැවින් ඊට විරුද්ධ පාර්ශවයක් විසින් එය සිදුකරන්නට ඇතැයි සැක කරන බවද ඔහු පොලීසිය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.