Thursday, April 25, 2024

General line - 0115112241

සිපෙට්කෝ පිරවුම්හල් 450ක් විදෙස් සමාගම් 3කට




මෙරට ඉන්ධන වෙළඳපොළට ප්‍රවේශ වීම සඳහා විදේශීය සමාගම් තුනකට බලපත්‍ර ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. 

චීනයේ සිනොපෙක්,  යුනයිටඩ් පෙට්රෝලියම් ඕස්ට්‍රේලියාවේ සහ RM පාර්ක්ස් නමැති ඇමෙරිකානු සමාගමට මෙරට සිල්ලර ඉන්ධන වෙළඳපොළට පිවිසීමට එලෙස අනුමැතිය හිමිව ඇති බවයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වෙන්නේ. 

දැනට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවි නියෝජිතයින් හරහා මෙහෙයවනු ලබන පිරවුම්හල් 150 බැගින් එම නව සමාගම්වලට වෙන් කෙරෙන අතර ඊට අමතරව සෑම සමාගමක් විසින්ම නව ඉන්ධන පිරවුම්හල් 50ක් ස්ථාපිත කරනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. 

ඒ අනුව, අදාළ සමාගම් 3ට ඛනිජ තෙල් නිශ්පාදන මෙරටට ආනයනය කිරීමට, ගබඩා කිරීමට, බෙදා හැරීමට සහ අලෙවි කිරීමට වසර 20ක් ක්‍රියාත්මක වන පරිදි අනුමැතිය හිමිවනු ඇති බවද අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් සටහනේ වැඩිදුරටත් දැක්වෙනවා.

මේ අතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට එරෙහිව ඛනිජ තෙල් සේවකයින් අද උපවාසයක් ආරම්භ කළා. ඒ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කොළොන්නාව නිමාව ඉදිරිපිටදීයි. එහිදී අදහස් දැක්වූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති  බන්දුල සමන් කුමාර.