Saturday, April 20, 2024

General line - 0115112241

පොලිස්පතිට සේවා දිගුවක් දෙන්න කැබිනට් අනුමැතිය




පොලිස්පති සී ඩී වික්‍රමරත්නට මාස තුනක සේවා දිගුවක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඊට අදාළ යෝජනාව ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින්.

වයස අවුරුදු 60 සම්පූර්ණ වීම හේතුවෙන් පොලිස්පති සී ඩී වික්‍රමරත්න විශ්‍රාම යාමට නියමිතව තිබුණේ ඉකුත් 26වනදායි.

ඒ අනුව ඔහු ඉදිරි මාස 3ක කාලය තුළ තවදුරටත් පොලිස්පති ධූරයේ රාජකාරී කිරීමට නියමිතයි.