Friday, March 29, 2024

General line - 0115112241

ඇමෙරිකාවේ පාසලක තවත් වෙඩිතැබීමක්




ඇමෙරිකාවේ ප්‍රාථමික පාසලක සිදු වූ වෙඩි තැබීමකින් සිසුන් තිදෙනෙකු සහ වැඩිහිටියන් තිදෙනෙකු මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අමෙරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ නෑෂ්විල් ප්‍රදේශයේ ප්‍රාථමික පාලසක එම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

වෙඩි තැබීම සිදු කර ඇත්තේ 28 හැවිරිදි කාන්තාවක් විසින් වන අතර ඇය සංක්‍රාන්තික ලිංගික තැනැත්තියක් බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. එමෙන්ම ඇය එම පාසලෙන්ම ප්‍රාථමික අධ්‍යාපනය ලබා ඇති බවද එම වාර්තාවල දැක්වෙනවා. 

වෙඩි ප්‍රහාරය එල්ල වීමත් සමඟ අමෙරිකානු පොලිසිය අදාළ ස්ථානයට පැමිණ සැකකාරිය අත්අඩංගුවට ගැනීමට උත්සහ දරා තිබෙනවා. එහිදී වෙඩි හුවමාරුවක්ද සිදුව ඇති අතර පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් සැකකාරිය මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

2023 වසර තුල අමෙරිකාවේ සිදු වූ 129වන සමූහ වෙඩි තැබීම මෙය වන බවද විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන්.