Tuesday, April 23, 2024

General line - 0115112241

TikTok තහනම් කිරීමට ජපානයේ පාලක පක්ෂයේ අවධානය




චීන සමාගමකට අයත් TikTok යෙදවුම භාවිතය තහනම් කිරීමට ජපානයේ පාලක පක්ෂයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව ජපානයේ පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නීති සම්පාදකයින් කණ්ඩායමක් TikTok වැනි සමාජ මාධ්‍ය ජාල තහනම් කරන ලෙස රජයට බලකරමින් යෝජනාවක් සම්මත කිරීමට සූදානම් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එවැනි සමාජ මාධ්‍ය හරහා වැරදි තොරතුරු ප්‍රචාරය කරන්නේ නම් ඒවා තහනම් කළ යුතු බව ඔවුන්ගේ අදහස වී තිබෙනවා. කිසියම් රටක් විසින් ඔවුන්ටම අයත් යෙදවුමක් විදෙස් රටවල් ඉලක්ක කරන ඔවුන්ගේ මෙහෙයුම් සඳහා ද්වේෂ සහගත ලෙස භාවිතා කර ඇති බව තහවුරු වන්නේ නම් වහාම ඒවා තහනම් කිරීම සම්බන්ධයෙන් සලකා බැලිය යුතු බවයි ජපානයේ නීති සම්පාදකයින් පෙන්වා දී ඇත්තේ.

අමෙරිකානු නීති සම්පාදකයින් පිරිසක් ද බයිඩ්න් පාලනයෙන් මේවනවිටත් ඉල්ලා ඇත්තේ TikTok යෙදවුම සම්පූර්ණයෙන් තහනම් කරන ලෙසයි.  

මේ වනවිට ලොව රටවල් කිහිපයක් ඔසනඔදන යෙදවුම භාවිතය සදහා සීමා පනවා තිබෙනවා. ඒ එම යෙදවුම අයත් සමාගම හරහා පරිශීලකයින්ගේ සංවේදී දත්ත චීන රජය අතට පත්විය හැකි බව පවසමින්.