Sunday, December 29, 2024

General line - 0115112241

පල නොකියා පලා බෙදනවා




රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ බැලීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදත් (17) කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට පැමිණියා.

එහිදී මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක ධුරවලින් පිරිසක් ඉවත් කිරීම පල නොකියා පලා බෙදීමක් බවයි.  මේ පිළිබඳව කලින් දැනගෙන සිටි බවත් පැවසුවා.

මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සම්මේලනය සඳහා වූ නිල ආරාධනය අමාත්‍ය ඩබ්ලිව්.ඩි.ජේ. සෙනෙවිරත්න විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අද භාර දී තිබෙනවා. ඒ, මහින්ද රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි නිවසේදීයි.

13909410_10153589610591467_8618180128623094435_o 13913833_10153589609666467_4681188008851544059_o 13996242_10153589609931467_2533385205735509242_o