Friday, April 19, 2024

General line - 0115112241

ක්‍රිප්ටෝ මුදල් භාවිතය සහ ආයෝජනය ගැන මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්




ක්‍රිප්ටෝ මුදල් භාවිතය සහ එහි ආයෝජනය කිරීමේ ඇති අවදානම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ක්‍රිප්ටෝ මුදල් භාවිතය හා එහි අයෝජනය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බවයි.

ක්‍රිප්ටෝ මුදල් ලාභදායී ආයෝජන ක්‍රමයක් ලෙස විවිධ පුද්ගලයින් සහ ව්‍යාපාර විසින් ප්‍රවර්ධනය කළ ද එසේ සිදුකළ අයෝජනවලින් මහජනතාවට විශාල ලෙස මූල්‍ය පාඩු සිදුව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඇතැම් අවස්ථාවලදී ක්‍රිප්ටෝ යෝජනා ක්‍රම ලෙස ක්‍රියාත්මක කරනු ලැබූ මූල්‍ය වංචාවන්ට පවා ඇතැම් පිරිස් හසුවී ඇති බව ද මෑතකාලීනව ලද පැමිණිලිවලින් පෙනී ගොස් ඇති බවයි මහ බැංකුව පවසන්නේ. 

ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට කිසිඳු පුද්ගලයෙකුට හෝ ආයතනයකට කිසිඳු බලපත්‍රයක් හෝ අවසරයක් ලබාදී නොමැති බව ද ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරනවා.