Saturday, April 20, 2024

General line - 0115112241

මුදල් අමාත්‍යාංශයේ ලේකම්ට එරෙහි පෙත්සම් විභාගය කල් යයි




අධිකරණයට අපහාස කළේ යැයි මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනට එරෙහිව ගොනුකළ පෙත්සම් දෙකක් සලකා බැලීම මැයි මස 22  වන දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. ඒ, එම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද කැඳවනු ලැබූ අවස්ථාවේදීයි. 

එහිදී නීතිපතිවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ මෙම නඩුකරයට අදාලව ලේඛන ගොනු කිරීම සඳහා කල් ලබාදෙන ලෙසයි. එම ඉල්ලීමට අවසර දුන් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 22 වනදා කැඳවීමට දින නියම කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ. 

සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුමබණ්ඩාර සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින් මෙම පෙත්සම් ගොනු කර තිබෙනවා.