Wednesday, April 24, 2024

General line - 0115112241

IMF නිසා එන දූෂණ මර්දන පනත ලබන මාසයේදී




ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට යටත්ව දූෂණ මර්ධන පනත ලබන මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ රාත්‍රියේදී එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මේවනවිටත් එම පනත කෙටුම්පත් කර අවසන් බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කොන්දේසිවලට එළඹි ඇත්තේ දෙපාර්ශවයේම එකගතාව මත බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. 

මේ අතර නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහන අද රාත්‍රී 07 යි 30 ට ප්‍රචාරය කෙරෙනවා.