Thursday, April 25, 2024

General line - 0115112241

සියලු ඉන්ධන පිරවුම්හල් වෙත බවුසර් පිටත්ව යයි




මේවනවිට දිවයිනේ සියලුම ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන බවුසර් පිටත් කර හැර ඇතැයි ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් කපිල නාඔටුන්න සඳහන් කළේ ඉන්ධන බෙදාහැරීම සාමාන්‍ය පරිදි සිදුවන බවයි. 

ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුවහගත කිරීමට එරෙහිව වෘත්තීය සමිති ඊයේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට නියමිත පරිදි ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදුව තිබුණේ නැහැ. ඊයේ දිනයේ සේවයට වාර්තා නොකළ වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු සේවකයින් 20 දෙනෙකු අනිවාර්යය නිවාඩු යැවීමටයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය කටයුතු කළේ. 

මේ අතර ඉන්දන මිල අඩු කිරීමට සාපේක්ෂව පාසල් වෑන් රථ ගාස්තු ද අඩු කිරීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි සමස්ථ ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා සඳහන් කළා. 

ඉන්ධන මාල ගණන් අඩු වීමත් සමග අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ද සියයට 12 යි දශම 9 කින් පහළ යනවා. ත්‍රී රෝද රථ ගාස්තු ද අඩු කිරීමටයි කටයුතු කර ඇත්තේ.