Friday, April 19, 2024

General line - 0115112241

ඩොලරයේ අගය ඉහළ යයි 




ශ්‍රී ලංකාවේ ඇතැම් වාණිජ බැංකුවල අද දිනයේදී නිකුත් කර ඇති විනිමය අනුපාතයන්ට අනුව අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල  අවප්‍රමාණය වී තිබෙනවා.

කොමර්ෂල් බැංකුවේ විනිමය අනුපාතයන්ට අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල අද දිනයේදී රු. 317.47ක් වූ අතර ඊයේ දිනයේ එය සටහන් වුයේ 314.27ක් ලෙසයි. එමෙන්ම විකුණුම් මිල අද දිනයේදී සටහන් වුයේ රු.335ක් ලෙසයි. ඊයේ දිනයේ දී සටහන් වුයේ රු. 332.50ක් ලෙසයි.

සම්පත් බැංකුවේ අද දිනයේදී අමෙරිකානු ඩොලරයේ ගැනුම් සහ විකිණුම් අනුපාතිකය සටහන් වුයේ රු. 318 ක් වන අතර විකුණුම් මිල රු. 333ක් දක්වා ලෙස සටහන්ව තිබෙනවා.

මහජන බැංකුවේ විනිමය අනුපාතයන්ට අනුව අද දිනයේ දී අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු.316.41ක් වන අතර විකිණුම් මිල සටහන් වුයේ රු.339.91ක් ලෙසයි දැක්වුයේ.

එමෙන්ම ලංකා බැංකුවේ අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 318ක් වන අතර විකිණුම් මිල රු.336.54ක් ලෙස සටහන් වනවා.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දිනයේදී නිකුත් කර ඇති විනිමය අනුපාතයන් අනුව අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 317.72ක් විකිණුම් මිල රු.335.41ක් ලෙසයි සටහන් වුයේ.