Thursday, April 18, 2024

General line - 0115112241

ඉන්ධන මිල අඩුවීමත් සමග එළවළු මිල සියයට 20 කින් පහළ යන ලකුණු

රංජිත් රාජපක්ෂ




ඉන්ධන මිල අඩු කිරීම හේතුවෙන් ඉදිරියේදී එළවළු මිලද අඩුවනු ඇතැයි සමස්ථ ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුව පවසනවා. එහි සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි පැවසුවේ ඉන්ධන මිල අඩුවීම හේතුවෙන් එළවළු ප්‍රවාහන වියදම ද අඩුවන බවයි.

ඒ අනුව එම වාසිය ජනතාවට ලබාදෙන බවයි සභාපතිවරයා සඳහන් කළේ. 

උත්සව සමයේ පදික වේදිකාවේ එළවළු විකිණීමට ලබාදී ඇති අවසරය ගැටළු සහගත බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මේ අතර ඉන්ධන මිල අඩුවීම හේතුවෙන් අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ද සියයට 12 යි දශම 9 කින් අඩු වනවා. ත්‍රී රෝද රථ ගාස්තු ද අද සිට අඩු කෙරුණා. පාසල් ළමුන් ප්‍රවාහන සේවා ගාස්තු ද අඩු කිරීමටයි තීරණය කර ඇත්තේ.