Thursday, March 28, 2024

General line - 0115112241

චීනයේ විරෝධය නොතකා තායිවාන ජනපතිනිය අමෙරිකාවට




තායිවාන ජනාධිපති සායි ඉන් වෙන්, සිය අමෙරිකානු සංචාරය ආරම්භ කර තිබෙනවා. සංචාරය ආරම්භ කරමින් තායිවාන ජනාධිපතිනිය නිව්යෝර්ක් නුවරට පැමිණ සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඇය මෙලෙස අමෙරිකාවට පැමිණ සිටින්නේ චීනයේ දැඩි විරෝධය හා අනතුරු ඇගවීම් මධ්‍යයේ බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අමෙරිකාවේ හා තායිවානයේ මෙම ක්‍රියාකලාපය බරපතල ප්‍රතිවිපාක ඇතිකර දෙනු ඇති බවයි චීනය අනතුරු අගවා ඇත්තේ. 

එමෙන්ම තායිවාන ජනාධිපති සායි ඉන් වෙන්, සිය අමෙරිකානු සංචාරයේදී එරට කථානායක කෙවින් මැකාති හමුනොවිය යුතු බව ද චීනය පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. සිය විරෝධය මධ්‍යයේ එවැනි හමුවීම් ඔස්සේ ඉදිරියට යන්නේ නම් එය බරපතල ගැටුමකට තුඩු දිය හැකි බවට ද චීනය අනතුරු අගවා තිබෙනවා. 

කෙසේවෙතත් චීනයට පිළිතුරු දෙමින් අමෙරිකාව පවසන්නේ තායිවාන ජනාධිපතිනියගේ අමෙරිකානු සංචාරය සම්බන්ධයෙන් තායිවානය සීමාව ඉක්මවා ප්‍රතික්‍රියා නොදැක්විය යුතු බවයි. එමෙන්ම තායිවාන ජනාධිපතිනිය සිය අමෙරිකානු සංචාරය අතරතුර එරට කථානායකවරයා හමුවෙනු ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.