Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ භූ කම්පන ප්‍රවණතාව ක්‍රමයෙන් ඉහළ යයි




ශ්‍රී ලංකාව ආශ්‍රිතව භූ කම්පන වාර්තා වීමේ ප්‍රවණතාව ඉහළ යාම නිරීක්ෂණය කර ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පවසනවා. ඒ සම්බන්ධයෙන් මේවනවිට කරුණු අධ්‍යයන කරමින් සිටින බව ද නෙත් නිවුස් කළ විමසීමකදී එම කාර්යංශයේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල්, වරලත් භූ විද්‍යාඥ ජානක අජිත්ප්‍රේම සඳහන් කළා. 

ඉන්දු ඕස්ටේ්‍රලියානු තලයේ හටගෙන ඇති මෙම තත්ත්වය අනාගතයේදී ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද ? 

තවමත් ශ්‍රි ලංකාව අවට සාගර කලාපයෙන් වාර්තා වන්නේ රිච්ටර් පරිමාණ ඒකකයේ ඉතා සුළු අගයක් ගන්නා භූ කම්පන බැවින් භූමියේ ඇති ස්ථාවර ගොඩනැගිලි සඳහා මෙතෙක් අවදානමක් නොමැති බව ද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල්, වරලත් භූ විද්‍යාඥ ජානක අජිත්ප්‍රේම වැඩිදුරටත් සඳහන් කළා. 

බේරුවල සිට කිලෝමීටර් 24ක් ඔබ්බෙන් වූ මුහුදේ ඊයේ දහවල් 1 ට පමණ මැග්නිට්යුඩ් 3 යි දශම 7ක ප්‍රබලත්වයෙන් යුත් භුමිකම්පාවක් සිදුවුණා.