Friday, March 29, 2024

General line - 0115112241

විශේෂඥ වෛද්‍යවරු රට යයි - අනුරාධපුර රෝහලේ ළමා වාට්ටුවක් වැසේ

එම්.එම්.පී.ජී.පෙරේරා




අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා වාට්ටුවක් වන 63 වාට්ටුව දින කිහිපයක සිට වසා දමා ඇතැයි වර්තා වනවා. නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ විශේෂඥ වෛද්‍යවරුන් නොමැතිකම හේතුවෙන් මෙම වාට්ටුව වසාදමා ඇති බවයි.  

එම වාට්ටුවේ සේවය කළ විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනාගෙන් දෙදෙනෙකු රට හැර ගොස් තිබෙනවා. අනෙක් වෛද්‍යවරයා ද අධ්‍යාපන කටයුතු සඳහා  විදේශගතවී ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුවයි අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා වාට්ටුවක් වන 63 වාට්ටුව මෙලෙස වසා දැමීමට කටයුතු කර ඇත්තේ.

එම වාට්ටුවට අළුතෙන් අනුයුක්ත කිරීමට වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල නොමැති බවද වාර්තා වනවා. ඒ අනුව අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ ඇති ළමා වාට්ටු දෙකකට මෙම වාට්ටුවේ සිටි රෝගින් ඇතුලත් කිරිමට පියවර ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය අජන්ත රාජකරුණා මෙලෙස අදහස් පළ කළා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ රෝහල් රැසක ළමා රෝග වෛද්‍යවරුන්ගේ දැඩි හිඟයක් පවතින බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා වාට්ටුවක් වන 63 වාට්ටුව රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පුහුණුව සදහා යොදාගත් වාට්ටුවක් ද වනවා. එය වසා දැමීමෙන් පසු එම සිසුන්ට ද පුහුණුව පිලිබද ගැටලු මතුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.