Wednesday, April 24, 2024

General line - 0115112241

ලංකාවේ භූ කම්පන අවදානම ගැන විශේෂ සමීක්ෂණයක්




ශ්‍රී ලංකාව ආශ්‍රිතව භූ කම්පන වාර්තා වීමේ ඉදිරි අවදානම පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ, ගොඩනැගිලි පර්යේෂණ ආයතනය හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ ඒකාබද්ධවයි. 

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල්, වරලත් භූ විද්‍යාඥ ජානක අජිත්ප්‍රේම නෙත් නිවුස් වෙත කියා සිටියේ හදිසි භූ කම්පනයකදී නිවාස සහ ගොඩනැගිලිවලට සිදුවිය හැකි අවදානම පිළිබඳ මෙහිදී වැඩි අවධානයක් යොමු කර ඇති බවයි.

භූ කම්පන හේතුවෙන් ශ්‍රී ලංකාවේ භූ විෂමතා තත්ත්වය වෙනස් වී ඇත්දැයි සොයා විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

ශ්‍රී ලංකාව ආශ්‍රිතව භූ කම්පන වාර්තා වීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බවයි නවතම සමීක්ෂණයකදී අනාවරණ වී ඇත්තේ.