Saturday, April 20, 2024

General line - 0115112241

සුන්දර ගාන්ධර්වයා - සනත් නන්දසිරි අද දැයෙන් සමුගනී




මෙරට සංගීත ක්ෂේත්‍රයට අනුපමේය මෙහෙයක් සිදු කළ ප්‍රවීණ සංගීතඥ සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අද සිදු කෙරෙනවා.

ඔහුගේ දේහය පෙරවරු 8යි 30වන තුරු ඇඹුල්දෙණිය පළමු පටුමගේ එතුමන්ගේ නිවසේ තැන්පත් කර තැබෙනු ඇති. පසුව දේහය පෙරවරු 10ට සෞන්දර්ය විශ්ව විද්‍යාලයට රැගෙන යාමට නියමිතයි.  

දහවල් 12 යි 30 සිට සවස 3 දක්වා දේහය තැන්පත් කර තැබෙන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේයි. දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුවන ආකාරය පිළිබඳ ප්‍රවීන ගීත රචක බන්දුල නානායක්කාරවසම් අදහස් පළ කළා. 

ප්‍රවීණ සංගීතඥ, සංගීත් නිපුන් සනත් නන්දසිරි යනු කවුරුන්ද?

මෙරට සංගීත ක්ෂේත්‍රයට සුවිශාල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීන ගායන ශිල්පියෙකු මෙන්ම අග්‍රගන්‍ය සංගීතඥයෙකු වන සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වුණේ ඉකුත් 28වනදායි. ඒවනවිට එතුමන් 81වන වියේ පසු වුණා.