Friday, March 29, 2024

General line - 0115112241

පුරා වස්තු සෙවූ හිමිනමක් සහ යුද හමුදාවේ 3ක් අත්අඩංගුවට




කරදියනාරු, මාවඩිඕඩි ප්‍රදේශයේ පුරාවස්තු සොයමින් සිටි යුද හමුදා සාමාජිකයින් තිදෙනෙකු සහ හිමිනමක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ වව්නතිව් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ හදිසි වැටලීමකදීයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර යුද හමුදා ලුතිතන් කර්නල්වරයෙකුද සිටින බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන් අධි තාක්ෂණික උපකරණ යොදා ගනිමින් පුරා වස්තු සොයමින් සිට තිබෙනවා. ඔවුන් සන්තකයේ තිබූ ස්කෑනර් යන්ත්‍රයක්, ටැබ් යන්ත්‍රයක් සහ ජංගම දුරකථන 4ක් මෙන්ම ඔවුන් පැමිණි කැබ් රථයක්ද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා කරඳියනාරු පොලිස් ස්ථානය වෙත භාර දුන් බවයි පොලිස් විශේෂ කාර්යය බලකාය වැඩිදුරටත් පැවසුවේ.