Thursday, April 25, 2024

General line - 0115112241

ඕමාන් ජාතිකයාට පහර දුන් ප්‍රධාන සැකකරු රක්ෂිත බන්ධනාගාරයට

ටෝනි කරුණානායක




ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයට අයත් කර්මාන්තශාලාවක හිමිකරු වු ඕමාන් ජාතිකයාට සහ  ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහර දුන් ප්‍රධාන සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කටාන , හල්පේ , කෝපියවත්ත ප්‍රදේශයේ එම කර්මාන්ත ශාලාව ආසන්නයේ පිහිටි එහි හිමිකරුගේ නිවසට පැමිණ සැකකරුවන් තිදෙනෙකු පහර දී ඇති බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මීගමුව වැඩ බලන මහේස්ත්‍රාත් සියන් තිසේරා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප්‍රධාන සැකකරු ලබන 06 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සෙසු සැකකරුවන් දෙදෙනා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඔවුන් කටාන ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා. කුලි පදනම මත කර්මාන්තශාලාවට වාහනයක් ඇතුළු කිරීම සම්බන්ධයෙන් ඇති වු ආරවුලක් පහරදීමට හේතු වී ඇතැයි පොලිසිය සඳහන් කළා.

පහරකෑමට ලක්වූ ඕමාන් ජාතිකයා සහ ආරක්ෂක නිලධාරියා රෝහල්ගතව නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.