Friday, May 17, 2024

General line - 0115112241

ආහාර ද්‍රව්‍ය කිහිපයක ආනයන තහනම ඉවත් කරන්නැයි ඉල්ලීමක්




ආනයන තහනම් කර ඇති ආහාර ද්‍රව්‍ය කිහිපයක තහනම ඉවත් කරන ලෙසට වෙළඳ, වාණිජ හා ආහාර සුක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දුගෙන් ඉල්ලීමක් කළ බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියාසිටියේ උත්සව සමය සඳහා වැඩි වශයෙන් අවශ්‍ය වන රතු සීනි, මුං ඇට, උඳු, කහ සහ කුරක්කන් වැනි ආහාර ද්‍රව්‍යවල තහනම ඉවත් කරන ලෙස අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බවයි. දේශීය ගොවීන් ශක්තිමත් කිරීමේ අරමුණින් ඉකුත් සමයේ මෙම ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම තහනම් කෙරුණා.

එහෙත්, මේවනවිට පවතින තත්ත්වය හමුවේ එම ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා අවසර ලබාදී ඒ සඳහා බදු පැනවීමට කටයුතු කරන ලෙසයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය ඉල්ලා ඇත්තේ.

එමගින් අදාළ ආහාර ද්‍රව්‍ය සඳහා උත්සව සමයේදී ඇතිවන කළුකඩ මාෆියාව පාලනය කළ හැකි වනු ඇතැයි ද ඔවුන් පෙන්වා දී තිබෙනවා.