Friday, May 17, 2024

General line - 0115112241

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

මාධව කුලසූරිය - වවුනියාව




දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි අද උදෑසන නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.

මේ අතර කිළිනොච්චිය දිස්ත්‍රික්කයට ඊයේ පස්වරුවේ ඇඳ හැළුණු වර්ෂාවත් සමඟ තද සුළං තත්වයක් බලපා තිබෙනවා. දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසූවේ එම ප්‍රදේශයේ පාසල් කිහිපයක ගොඩනැඟිලි කිහිපයකට හා නිවාස කිහිපයක වහළවලට එම සුළං තත්ත්වය හේතුවෙන් දැඩි හානි සිදුව ඇති ඇති බවයි.