Friday, May 17, 2024

General line - 0115112241

රුසියානු ජනපතිගේ හමුදා සහයකයෙක් පිපිරීමකින් මියයයි




රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග්හි ආපන ශාලාවක සිදුවූ පිපිරීමකින් රුසියානු හමුදා බ්ලොගර්කරුවෙකු මියගොස් තිබෙනවා.

ව්ලැඩිලන් ටාටාර්ස්කි නමැති එම පුද්ගලයා රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටීන්ගේ හමුදා සහායකයෙකු ලෙස කටයුතු කළ අයෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම ආපන ශාලාවට කාන්තාවක් විසින් රැගෙන ආ තෑගි පෙට්ටියක් පුපුරා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. එම පිපිරීමෙන් තවත් පුද්ගලයින් 24 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවද එම වාර්තාවල සදහන්.


රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමේදී ජනාධිපති ව්ලැද්මීර් පුටින්ට සහාය පල කරමින් ටාටාර්ස්කි විසින් පවත්වාගෙන ගිය අන්තර්ජාල බ්ලොග් අඩවිය බොහෝ දෙනෙකු අතර ප්‍රසිද්ධියට පත්ව තිබුණා.

එම බ්ලොග් අඩවිය සමග ටෙලිග්‍රෑම් අනුගාමිකයින් පමණක් පන් ලක්‍ෂ 60,000 ක අධික පිරිසක් එක්ව සිටි බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

ප්‍රහාරයට වගකිවයුත්තේ කවුරුන්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් රුසියානු ආරක්‍ෂක අංශ පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.