Friday, May 17, 2024

General line - 0115112241

සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ගැටළු විසදන්න ඇමති මාසයක් කල් ඉල්ලයි




වගකීම් නිසි පරිදි ඉටු නොකරන සිය අමාත්‍යාංශයේ නිලධාරීන් සම්බන්ධයෙන් ඉදිරියේදී අවශ්‍ය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

මෙරට ආර්ථික අර්බුදය හේතුවෙන් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ මතු වූ බොහෝ ගැටළු තවත් මසක් ඇතුළත සමනය කිරීමට හැකිවනු ඇති බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියා.



පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා එහිදී අදහස් පළ කළා.