Friday, May 17, 2024

General line - 0115112241

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්




ජාතික පාසල්වල 2 සිට 4 සහ 7 සිට 10 දක්වා අතරමැදි ශ්‍රේණිවල පන්ති සදහා සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජාතික පාසල්වල අදාළ ශ්‍රේණි සදහා සිසුන් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛණ අනුව කටයුතු කිරීම සම්බන්ධයෙන් අප්‍රේල් මස 21 වන දිනෙන් පසුව ජාතික පාසල් දැනුවත් කරන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

එතෙක් ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සදහා සිසුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලිපි නිකුත් නොකරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.