Friday, May 17, 2024

General line - 0115112241

සියලුම කෘෂි රසායනිකවල මිල අඩු ගණන් වන ලකුණු




සියලුම වල්නාශක හා කෘමි නාශකවල මිල ගණන් සියයට 20කින් අඩු කිරීමට අදාළ සමාගම් එකඟතාව පළ කර තිබෙනවා.

ඇතැම් පලිබෝධ නාශකවල මිල ගණන් සියයට 40 ක් දක්වා සහන මුදලකට ලබාදීමටද සියලුම සමාගම් එකඟතාව පළ කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේ.

මෙවර යල කන්නයේදී කෘමි නාශක හා වල් නාශක මිල ගණන් අවම කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් අද පැවති සාකච්ඡාවකදී එම එකඟතාවන් පළ වූ බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.


2021 මහ කන්නයේ රසායනික පොහොර භාවිතය තහනම් කිරීම හේතුවෙන් එම මහ කන්නයේ මෙරට කුඹුරු අක්කරයකින් ලබා ගත් වී අස්වැන්න සියයට 53කින් අඩු වූ බව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය විසින් 2021 මහ කන්නයේ දී රසායනික පොහොර තහනමත් සමග වගාවට එල්ල වූ බලපෑම සම්බන්ධව 2022 අවසාන කාර්තූවේ හා 2023 මුල් මාසය තුළ මෙම සමීක්ෂණය සිදු කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ.

මෙම සමීක්ෂණය සහිත සමීක්ෂණ පත්‍රිකා 05ක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දීම ඇතුළුව එම සමීක්ෂණ ජනගත කිරීම පසුගියදා එම ආයතනයේ දී සිදු වූ බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක  දැක්වෙන්නේ.

2021 මහ කන්නයේ වී අස්වනු අඩුවීම සියයට 53ක අගයක් ගෙන තිබෙනවා. 


මහාවාරිමාර්ග යටතේ  සියයට 54ක්, මහවැලි ව්‍යාපාරය යටතේ සියයට 54ක්, සුලු වාර්මාර්ග යටතේ සියයට 53ක්, වර්ෂා පෝෂිත ප්‍රදේශ යටතේ සියයට 51ක් වශයෙන් සමස්ත අස්වනු අවම වීම සියයට 53ක් බවයි එම සමීක්ෂණ වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ.