Friday, May 17, 2024

General line - 0115112241

ඩයනාගේ මන්ත්‍රී ධූරය ගැන තීන්දුවට දින දෙයි




ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම ජුනි මස 6 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.

මෙම පෙත්සමට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා මැයි මස 18 දිනට පෙර ගොනු කරන ලෙසයි අධිකරණය  පාර්ශ්වකරුවන්ට දැනුම් දුන්නේ.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදුන්නා.

සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණා.


පෙත්සම්කරු පවසන්නේ රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ බි්‍රතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇය මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි.

එබැවින් රාජ්‍ය අමාත්‍යවරිය මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම නීති විරෝධී යැයි තීන්දු කොට මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.