Friday, May 17, 2024

General line - 0115112241

බක් පුර පසළොස්වක පොහොය අදයි - උත්සව සමයේ අල්පේච්ඡත්වය ජීවිතයට එක් කර ගන්නැයි උපදෙසක්




බක් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනය ඇතුළු ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් අද වැනි දිනක සිදුව ඇති බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ. 

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කොළඹ මහානාම විද්‍යාලයේ ආචාර්ය කොලොන්නාව පුරාණ විහාරවාසී පූජ්‍ය සියඹලාගොඩ ධම්මින්ද ස්වාමීන් වහන්සේ.

 

උත්සව සමයක් වන බක් මාසයේදී බුදුදහමේ ඉගැන්වෙන අල්පේච්ඡත්වයට හුරුවීමේ වැදගත්කම ද පූජ්‍ය සියඹලාගොඩ ධම්මින්ද ස්වාමීන් වහන්සේ මෙහිදී පෙන්වා දුන්නා. 

මේ අතර නෙත් එෆ් එම් රේඩියෝව සෑම පුර පසලොස්වක දිනකම පවත්වන ශ්වේත පූජා පිංකම් මාලාව අද දිනය පුරා පැවැත්වෙනවා.

ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද බෝධි පූජා ඇතුළු පිංකම් රැසකට අද දිනය පුරා නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේ ඔබට සවන්දිය හැකියි.