Friday, May 17, 2024

General line - 0115112241

බඩු මිල අඩුවීමේ වාසිය පිටපළාත්වලට ලැබෙනවාදැයි  පාරිභෝගික අධිකාරිය අවධානයෙන්




අමෙරිකානු ඩොලරයේ අගය අඩුවීම සහ අමුද්‍රව්‍ය මිල පහළ යාමට සාපේක්ෂව ආහාර ඇතුළු අනෙකුත් භාණ්ඩවල මිල සාධාරණ ලෙස අඩුවී ඇත්ද යන්න සම්බන්ධයෙන් විශේෂ සොයා බැලීමක් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

කොළඹින් දුර බැහැර ප්‍රදේශවල ජනතාවට භාණ්ඩ මිල අඩුවීමේ වාසිය නිසි පරිදි ලැබෙන්නේ දැයි එහිදී වැඩි අවධානයක් යොමු කරන බවයි එම අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල පැවසුවේ. 


උත්සව සමයේදී වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම හා තොග සැඟවීම ආදි ක්‍රියා සිදුකරන්නේ දැයි සොයා බලන බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.