Friday, May 17, 2024

General line - 0115112241

චරිත් අසලංක විස්සයි 20 ශ්‍රේණිගත කිරීම්වලින් ඉදිරියට




ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරු චරිත් අසලංක විස්සයි 20 පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබෙනවා. මීට පෙර ඔහු එම ශ්‍රේණිගත කිරීම්හි රැඳී සිටියේ 35 වන ස්ථානයේයි.

නවසීලන්ත කණ්ඩායම සමඟ පැවති විස්සයි 20 තරඟ දෙකේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහු එම ශ්‍රේණිගත කිරීම්වල 23 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

චරිත් අසලංක පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරඟ 36 කට ක්‍රීඩා කර ඇති අතර අර්ධ ශතක 04 ක් සමඟින් ඔහු රැස්කර සිටින ලකුණු සංඛ්‍යාව 820 ක්.