Friday, May 17, 2024

General line - 0115112241

ප්‍රතිත්‍රස්ත පනතට නීතීඥ සංගමයේත් විරෝධය




යෝජිත ප්‍රතිත්‍රස්ත පනතට ශ්‍රී ලංකා නීතීඥ සංගමය ද සිය විරෝධය පළ කරනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ එම පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇත්තේ ප්‍රමාණවත් උපදේශණයකින් තොරව බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා සම්මත කර ඇති පුරවැසි අයිතිවාසිකම් සෘජුව හෝ වක්‍රව කප්පාදු කිරීමට හෝ යටපත් කිරීමට කිසිදු නීති සම්පාදනයක් නොකළ යුතුයි. මෙය නීතියක් ලෙස සම්මත වුවහොත් එමඟින් ගැටළු රැසක් නිර්මාණය විය හැකි බවයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය පෙන්වා දෙන්නේ.

අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇත්තේද ප්‍රමාණවත් උපදේශණයකින් තොරවයි. ඒ අනුව යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සමාලෝචනය සඳහා ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කළ බවයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය පැවසුවේ.