Friday, May 17, 2024

General line - 0115112241

විශේෂඥ වෛද්‍යවරයෙකුගේ මෝටර් රථයට අලාභ හානි කළ අය සොයයි 




කාත්තන්කුඩි රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ මෝටර් රථයට අලාභ හානි සිදුකළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් විමර්ශණ ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා. රෝහලේ රථ ගාලේ නවතා තිබූ අදාළ මෝටර් රථයට කිසියම් පිරිසක් හානිකර තිබුණේ මීට දින කිහිපයකට පෙරදීයි. 

ඒ, එම විශේෂඥ වෛද්‍යවරයා රථ ගාලේ මෝටර් රථය ගාල්කර සිය නිවසට පැමිණ සිටි අවස්ථාවේදීයි. එම විශේෂඥ වෛද්‍යවරයා කාත්තන්කුඩි රෝහලේ රාජකාරී සඳහා වාර්තාකර ඇත්තේ මීට මාසයකට පමණ පෙර බවයි වාර්තා වුණේ.  

මේ සම්බන්ධයෙන් එම විශේෂඥ වෛද්‍යවරයා විසින් පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති බව සඳහන්.