Friday, May 17, 2024

General line - 0115112241

මිලියන 92 ක හෂීස් සමඟ ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට




හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 92 ක පමණ තොගයක් රැගත් විදේශීය යාත්‍රාවක් සමඟ ඉන්දීය සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ඒ, නාවික හමුදාව, තලෛමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ අද සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි.

එම යාත්‍රාව තුල උර 03 ක අදාළ හෂීස් කිලෝ ග්‍රෑම් 92 ක පමණ තොගය අසුරා තිබූ බවයි නාවික හමුදාව පැවසුවේ. එම හෂීස් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 92 කට අධික වනවා.

අදාළ මත්ද්‍රව්‍ය තොගය සමඟ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෛමන්නාරම පොලිසිය වෙත භාරදුන් බවයි නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවේ.