Friday, May 17, 2024

General line - 0115112241

විදෙස් සංචාරකයෙකු මෙරටදී වැයකරන මුදල පිළිබඳ අනාවරණයක්




මෙරටට පැමිණෙන සංචාරකයින් දිනකට වැය කරන මුදල් ප්‍රමාණය ඉදිරි වසර 03 තුළ ඩොලර් 450 ත් 500 ත් අතර අගයක් දක්වා වැඩි කර ගැනීමට සැලසුම් සකස් කර ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පැවසුවේ දැනට මෙරටට පැමිණෙන සංචාරකයෙකු දෛනිකව වියදම් කරන මුදල් ප්‍රමාණය ඩොලර් 185 ක මට්ටමක පවතින බවයි.  

මෙරටට පැමිණෙන සංචාරකයින් වැය කරන මුදල් ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා අවස්ථා නිර්මාණය කර ගත යුතු බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු සඳහන් කළේ ඉදිරියේදී මෙරට තුළ සංචාරක ආකර්ශනීය අවස්ථා වැඩිදියුණු කිරීමට දැනටමත් සැලසුම් සකස් කර ඇති බවයි.

මේ වසරේ ගතවූ මාස 03 දීම අඛණ්ඩව ලක්ෂය ඉක්මවූ සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා.