Friday, May 17, 2024

General line - 0115112241

අමෙරිකාව අපායට ගමන් කරමින් සිටින බවට ට්‍ර්ම්ප් කියයි




ලෝකය තුළ අමෙරිකානු ආධිපත්‍ය බිඳ වැටෙමින් ඇති බව එරට හිටපු ජනාධිපතිවරයෙකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඒ, 2016 මැතිවරණයේදී තොරතුරු වසන් කර ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කළ බවට චෝදනා එල්ලවීමෙන් පසු ජනතාව ආමන්ත්‍රණය කළ රැළියකදීයි.

චෝදනා 34 ක් යටතේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට නඩු පවරා ඇති අතර චොද්නා ඔප්පුවුවහොත් ඔහුට සිර දඬුවම් පවා විදීමට ද සිදුවනු ඇති.

අදාළ චෝදනා මත ගොණු කළ නඩුවෙන් ඇප ලැබූ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනතාව අමතමින් පවසා ඇත්තේ අමෙරිකානු ඩොලරයේ අගය පහත වැටෙමින් ඇති බවයි. ලෝකය හමුවේ අමෙරිකාවට හිමිව තිබූ ස්ථානය අහිමි වෙමින් ඇති බවත්, අමෙරිකාව අපායට ගමන් කරමින් ඇති බවත් ට්‍රම්ප් එහිදී අවධාරණය කර තිබෙනවා.

අමෙරිකානු ඩොලරයේ අගය පහත වැටීමෙන් අමෙරිකාවට ලෝකයේ පවතින බලය ද අහිමි වන බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ. අමෙරිකානු ඩොලරය ඉදිරියේදී ලෝක සම්මත මුදල් ඒකකයක් නොවීමට වුවද ඉඩක් ඇති බව ට්‍රම්ප්ගේ අදහසයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් මෙවැනි ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළේ ඉන්දියාව, රුසියාව, චීනය, බ්‍රසීලය හා දකුණු අප්‍රිකානු රටවලින් සමන්විත “බි්‍රක්ස් සංවිධානයේ” රටවල් වෙළඳාම් කිරීමේ පහසුව වෙනුවෙන් නව මුදල් ඒකකයක් හඳුන්වාදීමට සූදානම් වන පසුබිමකයි.