Wednesday, May 15, 2024

General line - 0115112241

ජපන් අග්‍රාමාත්‍යවරයා ඉලක්කය කර දුම් බෝම්බ ප්‍රහාරයක්




ජපානයේ අග්‍රාමාත්‍ය ෆූමියෝ කිෂීඩා ඉලක්ක කර දුම් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ අග්‍රාමාත්‍යවරයා එරට වකාමා ප්‍රදේශයේ පොදු ස්ථානයක දේශනයකට සහභාගී වී සිටියදී මෙම සිද්ධියට මුහුණ පා ඇති බවයි.

එම අවස්ථාවේදී පුද්ගලයෙකු විසින් අග්‍රාමාත්‍යවරයා දෙසට යමක් විසි කර තිබුණා.

එසැනින් ආරක්ෂකයින් විසින් අග්‍රාමාත්‍යවරයා නිරුපද්‍රිතව අදාළ ස්ථානයෙන් ඉවත් කර ඇති අතර එහිදී දුමක් නිකුත් කරමින් බෝම්බය ද පුපුරා යන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

සැකකරු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර නැහැ.

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂිංසෝ අබේ ද මිය ගියේ සිය මැතිවරණය ප්‍රචාරක රැළියකදී තුවක්කුකරුවෙකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයක් හමුවේයි.