Wednesday, May 15, 2024

General line - 0115112241

ජ්‍යෙෂ්ඨ IS නායකයෙකු ඉලක්ක කර ගනිමින් අමෙරිකානු හමුදා මෙහෙයුමක්




උතුරු දිග සිරියාවේ දී අමෙරිකානු යුද හමුදාව විසින් IS සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු ඉලක්ක කර ගනිමින් මෙහෙයුමක් සිදුකර තිබෙනවා.

අමෙරිකානු යුද හමුදාවේ මධ්‍යම විධානය සඳහන් කර සිටියේ මැදපෙරදිග සහ යුරෝපය ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාර සැලසුම් කරනු ලැබූ IS ජ්‍යෙෂ්ඨ නායකයෙකු ඉලක්ක කර ගනිමින් සිය හමුදාවන් විසින් එම මෙහෙයුම සිදුකරනු ලැබූ බවයි.

ජ්‍යෙෂ්ඨ IS නායකයා සැඟව සිටි ස්ථානයට හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් අමෙරිකානු හමුදාව ඇතුල්වී මෙම ප්‍රහාරය එල්ල කර තිබුණා.

මෙම මෙහෙයුමේදී ඉස්ලාමිය සටන්කාමින් සහ අමෙරිකානු හමුදා භට පීරිස් අතර දරුණු ගැටුම් ඇතිවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

අමෙරිකානු හමුදාව විසින් සිදුකළ මෙහෙයුමෙන් මැදපෙරදිග සහ යුරෝපය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර සැලසුම් කිරීමේ IS ජ්‍යෙෂ්ඨ නායකයා ඇතුළු ත්‍රස්ත සාමාජිකයින් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර එක් ත්‍රස්තවාදියෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මෙම මෙහෙයුමට අදාල තොරතුරු ඉදිරියේදී සවිස්තරාත්මකව නිකුත් කරන බවයි අමෙරිකානු හමුදාවේ මධ්‍යම විධානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත්  සඳහන් වන්නේ.

උතුරු දිග සිරියාවේ සැඟව සිටින ඉස්ලාමිය සංවිධානයේ පසු පෙළ නායකයින් ඉලක්ක කර ගනිමින් ගතවූ සති දෙක තුලදී අමෙරිකාව විසින් සිදුකළ දෙවන මෙහෙයුම ලෙස මෙය සැලකෙනවා.