Tuesday, May 14, 2024

General line - 0115112241

විදෙස් රටවල් සුඩානය හිස් කිරීම ඇරඹේ




සුඩාන හමුදාව සහ නිල නොවන සන්නද්ධ හමුදා කණ්ඩායම් අතර පවතින ගැටුම්වලට අදට දින 05 ක් ගත වී තිබෙනවා. ගැටුම් නිමා කිරීමේ අරමුණින් දෙපාර්ශවය සටන් විරාමයක් ක්‍රියාත්මක කළ නමුත් එය ද අසාර්ථක වුණා.

ඒ හමුවේ සුඩානයේ කාටුම් අගනුවර ඇතුළුව නගර රැසක යළිත් ගැටුම් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව දරුණු සටන් මධ්‍යයේ සිවිල් වැසියන් දහස් ගණනක් කාටුම් අගනුවර අතහැර පළා ගොස් ඇතැයි වාර්තා වනවා.

විදෙස් රටවල් කිහිපයක් සුඩානයේ සිටින සිය පුරවැසියන් ඉවත් කිරීම ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. ජපානය සහ ටැන්සානියාව සිය මුදාගැනීමේ මෙහෙයුම් මේවනවිටත් ආරම්භ කර ඇතැයි සඳහන්.

 සුඩාන ගැටුම් හමුවේ මේවනවිට පුද්ගලයින් 270 දෙනෙකු මියගොස් ඇති අතර තුවාල ලැබූ පුද්ගලයින් ගණන 2,600 කට අධිකයි.