Tuesday, May 14, 2024

General line - 0115112241

ලක්ෂ ගණනක් සියවසේ දුර්ලභ සූර්යග්‍රහණයේ සාක්ෂිකරුවන් වෙයි




සියවසේ දුර්ලභ දෙමුහුන් සූර්ය ග්‍රහණයක් අද ලොව පුරා ලක්ෂ ගණනක් සියැසින් දැක ගත්තා.

දෙමුහුන් සූර්ය ග්‍රහණයක් යනු පූර්ණ සූර්ග්‍රහණයක් සහ වලකාකාර සූර්ග්‍රහණයක් එකවර දැක ගැනීමේ අවස්ථාව උදා වීමයි.

මෙම දෙමුහුන් සූර්ය ග්‍රහණය අද දැක බලා ගැනීමේ අවස්ථාව පළමුව උදාවුණේ ඔස්ට්‍රේලියානු  වැසියන්ටයි.

බටහිර ඔස්ට්‍රේලියාවට එම සූර්ය ග්‍රහණය පැහැදිලිව දිස් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව බටහිර ඔස්ට්‍රේලියාවේ එක්ස්මවුත් ප්‍රදේශයට දහස් සංඛ්‍යාත පිරිසක් එක්ව සිටි බවද එම වාර්තාවල සඳහන්.

මෙම සූර්ය ග්‍රහණයේ විශේෂත්වය වූයේ ඔස්ට්‍රේලියාවේ  බටහිර කලාපයට එහි පූර්ණ වශයෙන් දිස්වන විට ආසියානු පැසිෆික් කලාපයේ තවත් ප්‍රදේශ කිහිපයකට එය අර්ධ සූර්ය ග්‍රහණයක් ලෙස දිස්වීමයි.

මෙම සූර්ය  ග්‍රහණය ඉන්දියන් සාගරයෙන් හිරු උදාවීමත් සමග ආරම්භ වූ අතර පැසිෆික් සාගරයෙන් හිරු බැසයද්දී අවසන් ව තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පූර්ණ සූර්ග්‍රහණයක් සහ වලකාකාර සූර්ග්‍රහණයක් එකවර දැක ගැනී්මේ මෙවැනි දුර්ලභ අවස්ථාවක් යළි උදාවන්නේ 2031 වසරේදීයි. 21වන සියවසේ සූර්යග්‍රහණ 224ක් සිදුව ඇති අතර ඉන් 7ක්ම මෙවැනි දෙමුහුන් සූර්ග්‍රහණයි.