Tuesday, May 14, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍යට නව නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයෙක්




බ්‍රිතාන්‍ය රජය එරට නව නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස ඔලිවර් ඩව්ඩන් නම් කර තිබෙනවා.

ඒ, හිටපු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ අධිකරණ ලේකම්වරයා ලෙස කටයුතු කළ ඩොමිනික් රාබ් එම ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුවයි.

සිය කාර්යය මණ්ඩල සාමාජිකයින්ට හිරිහැර කළ බවට එල්ල වූ චෝදනාවලට අදාළ වාර්තාවක් නිකුත් වීමෙන් අනතුරුව ඔහු එලෙස ඉල්ලා අස්වුණා.

ඒ හමුවේ බ්‍රිතාන්‍යයේ  නව නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වූ ඔලිවර් ඩව්ඩන්, අග්‍රාමාත්‍ය රිෂි සුනක්ගේ රජයේ කැබිනට් කාර්යාල ඇමති ලෙස කටයුතු කළා.

ඔහු මීට පෙර බ්‍රිතාන්‍යයේ පාලක පක්ෂය වන කන්සර්වේටිව් පක්ෂයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.