Tuesday, May 7, 2024

General line - 0115112241

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතට එරෙහිව උතුරේ හර්තාල්




යෝජිත ප්‍රතිත්‍රස්ත පනතට විරෝධට පළ කරමින් එළෙඹෙන අප්‍රේල් 25 වනදා උතුරු සහ නැගෙනහිර පළාත් වල හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කරන බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.

එහි මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්‍යන් රාසමානික්කම් නෙත් නිවුස් වෙත සඳහන් කළෙ අනෙකුත් දේශපාලන පක්ෂ ද මේ සඳහා සහය දක්වන බවයි. 


යෝජිත මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරි සති කිහිපය තුළ ජනතාව දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්‍යන් රාසමානික්කම් මෙහිදී සඳහන් කළා. 


මේවනවිට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ද අවශ්‍ය නොවන බවයි  පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්‍යන් රාසමානික්කම් වැඩිදුරටත් සඳහන් කළේ.